rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, April 24, 2010

මැඩම් අමානුෂික පහර දීමක් වුනා...

මම ස්කෝලේ යන කාලේ 8 වසරේ විතර ඉන්නකොට විදුහල්පති තුමා විදිහට හිටියේ විනය ගැන තදින් සිතන,අකුරට වැඩ කරන කොටින්ම කිව්වොත් නියම සර් කෙනෙක්..හැබැයි වැරැද්ද පෙන්නන්න බැ..මොනව හරි අලුගුත්තේරු වැඩක් කරලා අහුවූනොත් ඇඩ්ඩ්‍රස් නැති වෙන්න කන්න වෙනවා..හැබැයි ස්කෝලේ පරිපාලනය නියමෙටම කරා..හැමවෙලාවෙම වැදගත් දේ ලියල බෑනේ..දුවන කොට  රස කතත් මතක් වෙනවා..ඒවා ලියලත් බැ නොලියත් බෑ..ඒ හින්දා තමා මේ කතාව ලියන්න හිතුවේ..
දවසක් පන්තියට හදිසියේම ව්දුහල්පතිතුමා ආවා..අපි එක්කෙනෙක් වත් ලගට එනකන් දන්නේ නැ..මොනව කරන්නද..පන්තියේ ඩෙගා නටනට හිටියේ.. Relief දාපු මැඩම් එන්න පරක්කු වුන හින්දා පොඩි සද්දය්ක් දාගෙන,සෙල්ලම් පෙන්න පෙන්න හිටියේ..එකපාරටම් දොරට වැදුනා වේවල් සද්දයක්...කට්ටියම එක පාරටම මීක් නෑ..සර් ආවා
'ඔහොමද තමුසෙලා කවු හරි නැති වෙනකොට දගලන්නේ..කවුද මොනිටර්..'
අනේ පවු පන්ති නායකයා...
ඊට පස්සේ වුන දේ දන්නවද..
මොනිටර් ට ඩෙස්ක් එක ඇතුලේ හැංගෙන්න තරමටම ගුටි වැදුනා..මිනිහගේ වගකීමනේ පන්තිය බලා ගන එක..ටික වෙලාවකින් කට්ටියටම බැනල් තව දෙතුන් දෙනෙකුට ගුටි දීල සර් ගියා..ටික වෙලාවකින් මැඩම් ආවා..
එනකොට දන්නව වුන දේ..මැඩම් ආව ගමන් එකෙක් කියපි
'මැඩම් අමානුෂික පහර දීමක් වුනා '
කියලා..මැඩම් පොඩ්ඩක් හිනා වුනා..වැඩේ තියෙන්නේ අනිත් දවසේ..එදා උදේ සර් ආවා..ඇවිල්ල අර කතාව කිව්ව යාලුවාගේ නම කියලා office එකට එන්න කීවා...මිනිහා මළා වගේ හෙමීට ගියා..ඒ දවස් වල අපි ඇදගෙන හිටියේ කොට කලිසම්.මේ office එකේ වුන් දේවල්..
'තමුසේ මොනවද ඊයේ කිව්වේ'
'මොකුත් නෑ සර්..'
'නෑ...අමානුෂික පහරදීමක් නේද...'
'නෑ සර්..'
'හැරෙනවා අනිත් පැත්තට..තියා ගන්නව අත් දෙක බිත්තියට...'
චටාස්..පටාස් ගාල වේවැලෙන් වැදෙන්න පටා ගත්තා කකුලේ උඩ ඉදන් පල්ලෙහාට..දෙතුන් සැරයක් වේවල් උඩට පල්ලෙහාට ගියා..
'අනේ බුදු සර් ගහන්න එපා...'
ගහන එක නැවතුනා..
ඔන්න පැය භාගෙකට පස්සේ යාලුවා එනවා කකුල දෙක බාගෙට නමාගෙන අමාරුවෙන් අඩිය තිය තිය..මේක දැන් ඉතින් අපි හමබ්වුන වෙලාවට මතක් කර කර හිනා වුන දෙයක් වුනාට ඒ දවස් වල මගේ යාලුවාට නම් මළ පැනලා හිටියේ..ඒත් ඉතින් මොනා කරන්නද....





5 comments:

  1. ඇත්තටම අමානුෂික පහර දීමක්........... :(

    ReplyDelete
  2. ඔකනෙ වැඩෙ කරන්න බැරි අපෙ එකෙක් දවසක් ගහපු සර් කෙනෙක් ඉස්කොලෙ ඇරිලා යද්දි එයගෙ බයිසිකලය නවත්තලා ඇහැවුවා " ඇයි සර් මට ගැහැව්වෙ කියලා" අපරාධෙ කියන්න බැහැ ඌත් අද සර් කෙනෙක්

    ReplyDelete
  3. ලමා අයිතිවාසිකම් කඩ කිරීමක්....
    මිස් ලමයි පාවා දීලා...
    වැඩේ චාටර්

    ReplyDelete
  4. හිහ් හී! අමානුෂිකයි.....

    ReplyDelete