rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, April 24, 2010

තනි ඇහෙන් ඉලක්කයක් ගමු.. :)

ඔයගොල්ලෝ දන්නවද ඉලක්කයකට වෙඩි තියන කොට එක ඇහක් පියවෙන්නේ ඇයි කියලා. බලාගෙන ගියහම මේකේ වැඩි දෙයක් හිතන්න ඇත්තෙත් නැහැ.අපිට ඇස් දෙකෙන්ම ඉලක්කයක් ගන්න බෑ..ඒක ඔයගොලෝ ඔක්කොම අත්දැකීමෙන්ම දන්න දෙයක්.අපිට නොදැනිම අපේ එක ඇසක් පියවෙනවා.මෙය නිරායාසයෙන්ම මිනිසාට උරුම වෙලා තියෙන දෙයක්.මොකද්ද මේකට හේතුව වෙලා තියෙන්නේ..ඇස් 2කෙන් අපි බලන්නේ සාමාන්‍යය දර්ශනයක්.ඇස් දෙකට පෙනෙන දර්ශනය විශාලයි.නමුත් ඉලක්කයක් ගන්න ඕන වුනාම අපිට ඒ පෙනෙන ප්‍රමාණය කුඩා කරගන්න ඕන වෙනවා.
ඉතින් එක් ඇසක් වසා ගැනීමෙන් ඒ පෙනෙන දර්ශනයේ ප්‍රමාණය කුඩා කර ගනිමින් තුවක්කුවේ කෙළවර ඇති තුඩ නියමිත පරිදි ස්ථානගත කිරීම කරන්න පුලුවන්.මේ කතාව තිබුනේ සගරාවක..අපි වැඩිය හිතපු නැති දෙයක්..ඇස් දෙකෙන්ම ඉලක්කයක් දිහා බලන්නේ නැතුව එක් ඇසක් මගින් ඉලක්කය කරා සිත යොමු කරලා ක්‍රියා කරා නම් අපිට ජීවිතය  තුළ තිබෙන ඉලක්ක ජය ගන්න අපහසු නෑ..ඇසින් දකින,කණට ඇහෙන,හැම දේම ගැන අපි හිත යොමු කරනවාට වඩා අදාළ වැදගත් දෙයක් ගැන කටයුතු කරොත් ජ්වීතයේ ඉලක්ක ජය ගනීම එච්චරම අමාරු නෑ කියලයි මම නම් හිතන්නේ....
වැඩිය දිගට ලියන්නත් බෑනේ...ඇයි විනාඩි 15 න් 15ට update කරන්නත් එපාය..මම තාම රෑට කාලත් නැතුව තමා බ්ලොග් මැරතන් එක දුවන්න ආවේ..කන්නත් ඕන..මගdi කලන්තයක් වත් ඇල්ලුවොත්..පස්සෙන් වැටෙන කට්ටිය දාගන්න ලොරියක් වත් එන්නේ නැද්ද දන්නේ නෑ....

3 comments:

  1. අපේ ඇස් දෙකෙන් ලබල දීල තියෙන 3D Vision එක යමක් ඉලක්ක ගත කරන්න යොදා ගන්න බෑ, මොකද ඉලක්කය පේන්නෙ එක දෙක වෙලා, ඒකයි එක ඇසක් වසල තනි ඇහැකින් බලන්නෙ. එතකොට ඉලක්කයේ එක රූපයක් පමණයි අපි යොදාගන්න ආයුධයේ (තුවක්කුවක් කියමුකො) viewfinder එක හරහා පේන්නෙ.

    ReplyDelete
  2. මාධවගේ කතාව හරි...ස්තුතියි

    ReplyDelete