rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Sunday, April 25, 2010

මැරතන් එකත් ඉවර උනා...

මැරතන් එකත් ඉවර උනා...කොහොමෙන් කොහොම හරි මට නින්දක් ගිහිල්ලා ඇහැරිලා බලද්දි මේන් බොලෝ මැරතන් එක ඉවර වෙලා..අපොයි මමත් දන්නේ නැතුව මම නිදා ගෙන..මොනා කරන්නද.මමත් ඉතින් පුලුවන් තරන් ගේම දුන්නා අන්තිම වෙනකන් ඉන්න.කොහොම හරි පාන්දර 4 විතර වෙනකන් වැඩේ ඇද්දා..අනේ ඊට පස්සේ වුන දේ මට මතක නැ..මට මතකයි කවුදෝ ඇවිත් මව කොහෙටදෝ එක්කගෙන ගියා කියලා.නිදි දෙවු දුවද කොහෙදෝ.දැන් ඉතින් 2010 බ්ලොග් මැරතන් එක ඉවරයි.මේකට සහභාගී වුන සියලු දෙනාට මම සුභ පතනවා.ඒ වගේම වතුර ගහන්න ඇවිල්ලා තමන්ගේ සහයෝගය දුන්න අයටත් මම හුගක් ස්තුති කරනවා.මොකද ඒ අය නැත්තනම් මෙහෙම දුවන්න බෑනේ..කොහොමෙන් කොහොම හරි වැඩි ආබාධයක් නැතුව වැඩේ ඉවර උනා..මෙයට අතදුන්න,දිරි දුන්න සියලු දෙනාටම මම ස්තුතියි කිව්ව ඕන්

2010 ලෝක චෙස් ශුරතා පලමු වටයේ ජය ටොපොලොව්ට...

මම කලින්ම කිව්වනේ 2010 ලෝක චෙස් ශූරතාවය ඈරඹුනා කියලා.ඉතින් වැඩි වෙලා යන්න කලින්ම පළවෙනි වටය අවසන් වුනා.ඉන්දියානු ක්‍රීඩක ආනද්ට එරෙහිව ටොපොලොව් තමන්ගේ ප්‍රථම තරග ජය වාර්තා කර ගත්තා.ඒ තරග මෙතනින් ඔය ගොල්ලන්ට දැක ගන්න පුලුවන්..දැන් 0-1 ලෙස ටොපොලොව් තමා ඉදිරියෙන්ම ඉන්නේ.හැබැයි තාම කියන්න බැ මොකද වෙන්නේ කියලා.තව වට 11 යන්න තියනවා..


මැරිච්ච ත්‍රස්තවාදීයෙක් එක්ක කතා කරලා බලමුද..

මැරිච්ච ත්‍රස්තවාදීයෙක් එක්ක ඔයගොල්ලෝ කතා කරලා තියවද? මම නම් නෑ..ඔයගොල්ලොත් නැතුව ඇති..නමුත් Jeff Dunham කියන පුද්ගලයා ගැන ඔයාල දන්නවද ? මොහු ඇමෙරිකානු ජාතිකයෙක්.ඉන්ද්‍රජාල් කථිකයෙක් විදිහට තමා මෙයාව හදුන්වලා තියෙන්නේ..මොහු තුළ තිබෙන දක්ෂතාවය ගැන මනා වැටහීමක් ඔයගොල්ලන්ට ගන්න පුලුවන් මේ පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවෝතින්.මේ Youtube වීඩියෝ එකේ  hits 110,787,662 ගානක් දැනට ලැබිලා තියනවා..
ඒකෙන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුලුවන් මොහු තුළ තිබෙන අපුර්වතම හැකියාව මොකද්ද කියලා..වැඩි කතා නැතුව බලමුද.මෙයාගේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න පුලුවන්..බලලම හිතෙන දේ කියන්න.

කමක් නෑ කොල්ලා ගට ගනින් ගට ගනින්.. තව ටිකයි තව ටිකයි..

මට නම් දැන් නිදි මත වේගෙන එනවා..බඩත් ගිනියි වාගේ..හතියත් වැඩියි..යකෝ මැරතන් දුවල තියනව,මෙහෙම එකක් දිව්වමයි.මම ස්කෝලේ යන කාලේ එකම් එක මැරතන් එකක් දිව්වා ප්‍රක්ටිස් කරන්නේ නැතුව.මැරතන් එක දුවන්න කලින් දවසේ තියනව මෙඩිකල් ටෙස්ට් එකක්.මමත් ඉතින් ඔකට ගියා..ඕකට ඉතින් කොහොමත් යන්න එපාය.හිටියේ ලේඩි ඩොක්ටර් කෙනෙක්.මගේ වාරේ ආවහම ඉතින් මාත් ගියා..
ඔයා කලින් මැරතන් දුවල තියනවද...
නෑ
එතකොට මොනවද කරන ක්‍රීඩා
ෆුට්බෝල්,වොලිබෝල්,ක්‍රිකට් 
මම ඉතින් ක්‍රීඩකයනේ..ඔව්ව ඉතින් නිකන් ඉන්න කොට කරන එව්ව..
එහෙමද..දැන් ඔයා කලින් ප්‍රැක්ටිස් කරාද..
මේ සතියම ප්‍රැක්ටිස් තමා..  
මොන ප්‍රැක්ටිස් ද..මම මේ ආතල් එකට දුවන්න ඉන්නේ..
මෙහෙමයි..ඔයාට දුවන්න බැයිනම් බලෙන් දුවන්න එපා...
මට පුලුවන් ඩොක්ටර්...
කොහොම හරි ඉතින් ඒ ඩොක්ටර් මගේ නාඩි එහෙම වැටෙනවද කියල බලලා මැරතන් එක දුවන්න ඉඩ දුන්නා..
ඔන්න දුවන දවස..මම ඉතින් යාලුවෙක් එක්ක සෙට් උනා..පටන් ගත්තා..මීටර 200 විතර දිව්වේ, මට හිතුනා දුවන එක වැඩක් නෑ...ලොරියේ එල්ලෙන්න ඕන කියලා..මොන..යාලුවාගේ කාගැහිල්ලට මමත් ඌත් එක්ක ඇද්දා...කොහොමෙන් කොහොමෙන් හරි දෙයියනේ කියලා අන්තිමට 77 වෙනියට මැරතන් එක අවසන් කරා..හැබැයි එකසිය ගානක් මේක දිව්වා...අනිත් දවසේ මට ඇපත් නෑ..කකුl දෙක පුපුරු ගහනව වගේ..දවස් දෙකක් ඇදේ  හිටියා..අයියෝ ඒකට මේ මැරතන් එක..පැය 12 ක් කොහොමද අයියෝ දුවන්නේ.මේක මේ සම්පුර්ණ ක්‍රීඩා නීති බිද දැමීමක්..ලොරියක් වත් නැ පස්සෙන් හැලෙන එවුන් දාගන්න..

කමක් නෑ කොල්ලා ගට ගනින් ගට ගනින්.. තව ටිකයි තව ටිකයි...අන්න බලපන් තව ටික දුරයි තියෙන්නේ...තව පැය 6 යි උබට දුවන්න තියෙන්නේ..
මොනවා තව පැය 6ක්..බණ කතා කරනවද...

SMILING SRI LANKA

"SMILING SRI LANKA" ඔය පිටරට උදවිය අපේ මේ රට හදුන්වා දීලා තියෙන්නේ ඔය විදිහට.අපිට හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද..හැබැයි හුගක් දෙනාට හිතෙන දෙයක් තමා ඒක එච්චරම ප්‍රායෝගික නෑ කියන එක.ඒ කතාව අපි පැත්තකට දාමු.හැමවෙලා වෙම හිනා වෙලා සතුටින් ඉන්න පුද්ගලයා දිහා බලන්න මිනිස්සු හරිම කැමතියි.ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්.මුහුනේ සිනහවක් උපදවාගෙන කතා කරන එක්කෙනෙක් එක්ක ඉන්න අපි කොච්චර ආසයිද.
හැමවෙලා වෙම හිනා වෙලා ඉන්න බලන්න...කතා කරද්දි සිනා මුසු මුහුනින් යුතුව අනිත් කෙනා සමග කතා බස් කරන්න.සමහර අය දිහා අපිට බලන්නවත් හිතෙන්නේ නෑ නේද? ඇයි ඒ...හිතේ තරහ තියාගෙන අසතුටින් ඉන්න කෙනා දිහා සමාජය බලන්නේ වැඩිය හොද ආකල්පයකින් නම් නෙවෙයි..ඉතින් ඔයගොලොත් ලස්සනට හිනා වෙලා ඉන්න බලන්න..හිනා වෙන්න දන්නේ නැති අය ඉන්නවනම් දැන්ම කන්නාඩියක් ගාවට ගිහින් හිනා වෙන්න පුරුදු වෙන්න.හැබැයි කවමදාකවත් ඒ හිනහවට යටින් එක එක මගඩ් දේවල් නම් තියා ගන්න එපා.ඒක ඔබටත් හානියක් ගෙන දෙනවා සිකුරුයි...

බබෙකුට නමක් දාමු...

බබෙකුට නමක් දාන එක ලේසි නෑනේ..දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයිනේ..හුගක් අර්ථවත් නම් තමා දාන්නේ.සමහර ඒවාගේ තේරුම් එහෙම හිතා ගන්නවත් බෑ..ඒ තරමටම අර්ථාන්විතයි.ඉතින් ඔයගොල්නට හම්බෙන බබාට..හා හා දැන්ම කලබල වෙන්න එපා..ඔය මම කියන්නේ විවාහ වුනාට පස්සේ හම්බෙන බබාට නමක් දාන්න යනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවනේ..ඔයගොලෝ මේ වෙබ් පිටුවට ගියොත් පුලුවන් වෙයි පොඩි උදව්වක් ගන්න.මේක මේ ලංකාවේ සයිට් එකක්.කලා ශූරී අරිසෙන් අහුබුදු මහතාගේ මැදිහත් වීම තමා මෙතන තියෙන්නේ..වැඩි කතා ඕන නෑ.ගිහිල්ල බලපුවහම තේරෙනවා..ඉතින් නමක් දාන එකේ හොද නමක්ම දාමු නේද....

කවුරු හරි උබ පස්සේ පැන්නුවාද....

දවසක් මගේ යාලුවෙක් ආව ගෙදර...ආවේ මිනිහගේ බයික් එකේ.මේ බොලේ බයික් එකේ ආපු මිනිහා පයින් ආපු මිනිහටත් වැඩ්ය දාඩිය දාගෙන..හිටු කියලා පවන් ගහගන්නවා..මම බැලුවා මේ මොකෝ කියලා...
'මොකො බන් වුනේ..'
'මොකද්ද..'
මොකද මේ උබ දාඩිය දාගෙන..කවුරු හරි උබ පස්සේ පැන්නුවාද..
පිස්සුද බන්..
නැත්නම් මේ ඔච්චර මොකොද මේ දාඩිය දාගෙන ආවේ..
නෑ බන් පොඩි සිද්දියක් වුනා..
මම හිතුවා..
මිනිහා වැඩිය වේගෙන් යන එකෙක් නෙවෙයි..හැබැයි එදා මරු වැඩක් වෙලා තියෙන්නේ..මිනිහා ඇවිල්ල තියෙන්නේ ප්‍රයිවට් බස් එකක් ඉස්සරහින්.නලව නලව ඇවිල්ලා.බස් එකට ඉස්සර කරන්න දීලත් නෑ..පාරත් වැඩිය ලොකු නෑ..මේන් වැඩිය වේගෙන් ගියපු නැති මිනිහා එක පාරටම බ්‍රේක් ගහල..ඒ ගහපු පාරට බස් කාරය බොහොම අමාරුවෙන් බස් එක නවත්තගෙන  බයික් එකේ වදින්නේ නැතිවෙන්න.
හිතා ගන්න පුලුවන්නේ වුන දේ..ඊට පස්සේ බස් කාරයාට මල පැනලා..බයික් එක පස්සේ පන්නන්න අරගෙන...යන්තම් පොඩ්ඩක් වැඩ දාගෙන මිනිහා ආව අපේ ගෙදර..ඇවිල්ලා ඉතින් හිතේ බයයි,දාඩියයි යන්න පවන් ගහ ගහ හිටියා.....

Saturday, April 24, 2010

කවුද කවුද ගනං කාරයෝ ඉන්නේ...

කවුද කවුද ගනං කාරයෝ ඉන්නේ... ගනං කියන්නේ භාෂාවක් වගේ තමා..මේකේ තියනවා හරිම හරි ලස්සන දේවල්.ගණිතය සමහර දෙනාට පෙන්නන්න බැරි උනාට,ඒකේ හැංගුනු ලස්සන හරිම සුන්දරයි..ඉතින් මම මේ කියනන් යන්නේ ඒ හැංගුනු ලස්සන් ටිකක්..මට ඉතින් මේ ටික හම්බවුනේ මේල් එකකින්..ඔයගොල්ලෝ සමහර විට දන්නවත් ඇති..කෝකටත් බලන්නකෝ...

>   1 x 8 + 1 = 9
>   12 x 8 + 2 = 98
>   123 x 8 + 3 = 987
>   1234 x 8 + 4 = 9876
>   12345 x 8 + 5 = 98765
>   123456 x 8 + 6 = 987654
>   1234567 x 8 + 7 = 9876543
>   12345678 x 8 + 8 = 98765432
>   123456789 x 8 + 9 = 987654321
>
>   1 x 9 + 2 = 11
>   12 x 9 + 3 = 111
>   123 x 9 + 4 = 1111
>   1234 x 9 + 5 = 11111
>   12345 x 9 + 6 = 111111
>   123456 x 9 + 7 = 1111111
>   1234567 x 9 + 8 = 11111111
>   12345678 x 9 + 9 = 111111111
>   123456789 x 9 +10= 1111111111
>
>   9 x 9 + 7 = 88
>   98 x 9 + 6 = 888
>   987 x 9 + 5 = 8888
>   9876 x 9 + 4 = 88888
>   98765 x 9 + 3 = 888888
>   987654 x 9 + 2 = 8888888
>   9876543 x 9 + 1 = 88888888
>   98765432 x 9 + 0 = 888888888



කොහොමද මේක
>   1 x 1 = 1
>   11 x 11 = 121
>   111 x 111 = 12321
>   1111 x 1111 = 1234321
>   11111 x 11111 = 123454321
>   111111 x 111111 = 12345654321
>   1111111 x 1111111 = 1234567654321
>   11111111 x 11111111 = 123456787654321
>   111111111 x 111111111=123456789 87654321



ලස්සන රටාවක් නේ...ඔය අංක ටික නම්  දැම්මේ copy paste කරලා..දැන් නම් නිදි දුව මට කියනවා එයාගේ තුරුලට එන්න කියලා...මම හරීම ආසයි එයාගේ තුරුලට වෙලා පොඩ්ඩක් ඉන්න..මොකෝ කියන්නේ පොඩ්ඩක් ගිහිල්ල එන්නද...

මැඩම් අමානුෂික පහර දීමක් වුනා...

මම ස්කෝලේ යන කාලේ 8 වසරේ විතර ඉන්නකොට විදුහල්පති තුමා විදිහට හිටියේ විනය ගැන තදින් සිතන,අකුරට වැඩ කරන කොටින්ම කිව්වොත් නියම සර් කෙනෙක්..හැබැයි වැරැද්ද පෙන්නන්න බැ..මොනව හරි අලුගුත්තේරු වැඩක් කරලා අහුවූනොත් ඇඩ්ඩ්‍රස් නැති වෙන්න කන්න වෙනවා..හැබැයි ස්කෝලේ පරිපාලනය නියමෙටම කරා..හැමවෙලාවෙම වැදගත් දේ ලියල බෑනේ..දුවන කොට  රස කතත් මතක් වෙනවා..ඒවා ලියලත් බැ නොලියත් බෑ..ඒ හින්දා තමා මේ කතාව ලියන්න හිතුවේ..
දවසක් පන්තියට හදිසියේම ව්දුහල්පතිතුමා ආවා..අපි එක්කෙනෙක් වත් ලගට එනකන් දන්නේ නැ..මොනව කරන්නද..පන්තියේ ඩෙගා නටනට හිටියේ.. Relief දාපු මැඩම් එන්න පරක්කු වුන හින්දා පොඩි සද්දය්ක් දාගෙන,සෙල්ලම් පෙන්න පෙන්න හිටියේ..එකපාරටම් දොරට වැදුනා වේවල් සද්දයක්...කට්ටියම එක පාරටම මීක් නෑ..සර් ආවා
'ඔහොමද තමුසෙලා කවු හරි නැති වෙනකොට දගලන්නේ..කවුද මොනිටර්..'
අනේ පවු පන්ති නායකයා...
ඊට පස්සේ වුන දේ දන්නවද..
මොනිටර් ට ඩෙස්ක් එක ඇතුලේ හැංගෙන්න තරමටම ගුටි වැදුනා..මිනිහගේ වගකීමනේ පන්තිය බලා ගන එක..ටික වෙලාවකින් කට්ටියටම බැනල් තව දෙතුන් දෙනෙකුට ගුටි දීල සර් ගියා..ටික වෙලාවකින් මැඩම් ආවා..
එනකොට දන්නව වුන දේ..මැඩම් ආව ගමන් එකෙක් කියපි
'මැඩම් අමානුෂික පහර දීමක් වුනා '
කියලා..මැඩම් පොඩ්ඩක් හිනා වුනා..වැඩේ තියෙන්නේ අනිත් දවසේ..එදා උදේ සර් ආවා..ඇවිල්ල අර කතාව කිව්ව යාලුවාගේ නම කියලා office එකට එන්න කීවා...මිනිහා මළා වගේ හෙමීට ගියා..ඒ දවස් වල අපි ඇදගෙන හිටියේ කොට කලිසම්.මේ office එකේ වුන් දේවල්..
'තමුසේ මොනවද ඊයේ කිව්වේ'
'මොකුත් නෑ සර්..'
'නෑ...අමානුෂික පහරදීමක් නේද...'
'නෑ සර්..'
'හැරෙනවා අනිත් පැත්තට..තියා ගන්නව අත් දෙක බිත්තියට...'
චටාස්..පටාස් ගාල වේවැලෙන් වැදෙන්න පටා ගත්තා කකුලේ උඩ ඉදන් පල්ලෙහාට..දෙතුන් සැරයක් වේවල් උඩට පල්ලෙහාට ගියා..
'අනේ බුදු සර් ගහන්න එපා...'
ගහන එක නැවතුනා..
ඔන්න පැය භාගෙකට පස්සේ යාලුවා එනවා කකුල දෙක බාගෙට නමාගෙන අමාරුවෙන් අඩිය තිය තිය..මේක දැන් ඉතින් අපි හමබ්වුන වෙලාවට මතක් කර කර හිනා වුන දෙයක් වුනාට ඒ දවස් වල මගේ යාලුවාට නම් මළ පැනලා හිටියේ..ඒත් ඉතින් මොනා කරන්නද....





Umbilical Brothers - බාත් රූම්


මිනිස්සුන්ට විවිධාකාර හැකියාවන් තියනවා...එකිනෙකාට තියෙන හැකියාවන් එකිනෙකාට වෙනස්.මට තියන හැකියාව නෙවයි ඔයාට තියෙන්නේ.එකිනෙකාට වෙනස්ම වූ හැකියාවන් තමා අපිට තියෙන්නේ.ඒක ඉතින් ඔයගොල්ලෝ හුගක් දෙනා දන්න දෙයක්නේ.අපි අපිට පුලුවන් දක්ෂතාවය මතු කර ගත්තා නම් ඉස්සරහට යන්න එච්චර අමාරු වෙන්නේ නැ..වැඩිය කතා ඕන නෑ..මට මේ ගැන මතක් උනේ අද යාලුවෙකුගෙන් හම්බවුන වීඩියෝ එකක් දැකලා..බලන්න මේ දෙන්නා ගේ හැකියාවන්..
කෙනෙකුගේ හඩකැවීම හා කෙනෙකුගේ රගපෑමේ සුසංයෝගය අපුර විදිහට මෙතනදී ඉස්මතු වෙලා තියනවා...


නමක් හොයා ගන්න අමාරුද...

හුගක් සයිට් වලට ගියහම ඒගොල්ලෝ යුසර් නේම් ඉල්ලනවනේ.අපි ඉතින් නමක් දෙනවා.වැඩක් නැ..ඒ නම වෙන කෙනෙක් අරගෙන..ආය වෙන නමක් දෙනවා..ඒත් වැඩක් නෑ..වෙන එක්කෙනෙක් අරගෙන..මෙහෙම යුසර් නේම් හොයන්න ගොයොත් එපා වෙනවනේ..ඒ කට අපිට දැන් ලේසි දෙයක් තියනවා.යන්න මේ සයිට් එකට.මේකේ ඔය ගොල්ලෝ ගන්න යන nama දුන්නම එකේ පෙන්නනවා නම අරගෙන තියන සයිට් මොනවද, නැති ඒවා මොනවද කියලා..දැන් ඉතින් වැඩේ ලේසිනේ..පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා බලන්න...

Right Round සහ යාල්පානමෙන්...

ඔයල දන්නවද 2010 හොදම සිංදු අතරින් එකක් විදිහට Right Round කියන සිංදුව ආව කියලා.එක Dance-Pop වර්ගයේ සිංදුවක්.ඕක කියන්නේ American Rapper කෙනෙක් වන Florida.මම කියන්නේ යන්නේ වෙන කතාවක්.මේ සිංදුව අහන වෙලාවේ මගේ හිතට එකපාරට හුරු පුරුදු ගතියක් ආවා.කලින් මේ වගේ එකක් අහලා තියනවද කියලා.මට මතක් උනේ BnS ලගේ'යාල් පානමෙන්' සිංදුව.පොඩ්ඩක් සිංදු දෙකම අහල බලන්නකෝ. Right Round සිංදුවේ තත්පර 25 විතර ගියහම තමා ඒ කෑල්ල එන්නේ.

Right Round


Yal PAname


සමාන කමක් තියනවනේ.අලුතෙන්ම නිර්මාණයක් කරන එකයි,තවත් නිර්මාණයක් ඇරගෙන ඒක පොඩ්ඩක් වෙනස් කරන ඒක ගත්තම දෙකෙන් වටින එකයි පහසු එකයි මොකද්ද කියලා ඔයගොල්ලනට හිතා ගන්න පුලුවන් නේද...

කවුද යකෝ මේ CD එක හූරලා තියෙන්නේ.....$%^%$$$???

අනේ මන්දා ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑනේ...දුවන්න නැතුව මග නවතින්නත් බැ වගේ..මම ඉතින් මතක් වුන වෙලාවේ පොඩි කතාවක් කියන්න යන්නේ.මේක වුනේ මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට.යාලුවා තමා මට කතාව කිව්වේ.කතාව කියන්න ලේසියට දෙන්නට නම් දෙකක් දාමු නිමල්,කමල් කියලා.දැන් නිමල් දවසක් ගියා කමල් ගේ ගෙදරට කමල්ගේ මැෂින් එකට XP දාන්න කියලා.කමල් ඔය මගුල් එකක්වත් දන්නේ නෑ..
ඉතින් ඒ හින්දා තමා නිමල් ගියේ.කමල් XP CD එකකුත් අරගෙන නිමල් එනකන් හිටියා..ඉතින් නිමල් ඇවිල්ල එක රොම් එකට CD දාලා වැඩේ පටන් ගත්තා.BIOS eකේ වැඩ ටික ඉවර කරලා format කරන්න වැඩේ පටන් ගත්තා. ටිකක් දුරක් ලෝඩ් වෙනවා මෙලෝ දෙයක් වෙන්නේ නෑ..ආය restart  කරා..ඒත් ඒ සෙතේ මයි...

'අඩේ මේ මගුල වැඩ කරන්නේ නෑ බන්...මොකද්ද දන්නේ නෑ අවුල...'
'අනේ මන්දා බන්, මම ඕව්වා දන්නව කියලද..ඒ කනේ උබට එන්න කීවේ..මොනව හරි කරපන්'
'CD එකේ අවුලක් ද දන්නේ නෑ..'
'.මම මේ අලුත්ම එකක් ගෙනාවේ බන්'
'කෝ බලමු..........කවුද යකෝ මේ CD එක හූරලා තියෙන්නේ...$#@$%^^?><
'මම..මම..බන් ඕකේ කියලා කවකට්ටෙන් ගැහුවා...එච්චරයි..ඇයි මොකද්ද වෙලා තියෙන්නේ...'
'මොන _____ද බන් උබ...මේකේ මේ උබ  ගහපු පාර අනිත් පැත්තෙන් මතු වෙලා තියෙන්නේ..වැඩ කරයියිය මේක..දැන් ඉතින් මොනව කරන්නද..වෙන දවසක් බලමු..මම CD එකක් හොයන් එන්නම්..උබ ඔය කවකට්ට ____ගහ ගෙන හිටපන්'
ඉතින් XP දැමිල්ල එතනින් නතර උනා...
මිනිහා XP CD එක ගෙනල්ලා කවකට්ටෙන් XP කියලා ගහලා..ඒ පාර එක අනිත් පැත්තෙන් මතු වෙලා තියෙන්නේ..ඉතින් CD එක වැඩ කරයිද...  :D

ලාබෙට ෆෝන් එකෙන් මල් කඩමු....

හුගක් දෙනා මල් කඩන්න යොදාගන්නේ තමන්ගේ දුරකථනයනේ...ඉතින් සමහර වෙලාවට බොහෝ දෙනා විවිධාකාරයේ software මේ සදහා යොදාගන්නවා විකල්පයක් හැට්යට.මම මේ කියන්න යන්නේ ඒ වගේ එකක් ගැන තමා..මේ ගැන කිව්වේ මගේ යාලුවෙක්..මිනිහා මල් ගස් පිටින් කඩන්නේ.මේ software එක භාගත කරලා තමන්ගේ දුරකථනයේ ස්ථාපනය කර ගත්තට පස්සේ  මෙය හරහා  තමන්ගේ දුරකථන අංකය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකියි.මෙයට තමන් සතුව 3G පහසුකම සහිත දුරකථනයක් තිබිය යුතු වෙනවා.
මෙහිදී වැය වන්නේ login සදහා වැයවන මුදල පමනයි.ඊට පස්සේ ඕන තරම් වෙලා කාත් එක්ක හරි කදේ දාගෙන්න ඉන්න පුලුවන්.ඉතින් මේකත් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න... :)

තනි ඇහෙන් ඉලක්කයක් ගමු.. :)

ඔයගොල්ලෝ දන්නවද ඉලක්කයකට වෙඩි තියන කොට එක ඇහක් පියවෙන්නේ ඇයි කියලා. බලාගෙන ගියහම මේකේ වැඩි දෙයක් හිතන්න ඇත්තෙත් නැහැ.අපිට ඇස් දෙකෙන්ම ඉලක්කයක් ගන්න බෑ..ඒක ඔයගොලෝ ඔක්කොම අත්දැකීමෙන්ම දන්න දෙයක්.අපිට නොදැනිම අපේ එක ඇසක් පියවෙනවා.මෙය නිරායාසයෙන්ම මිනිසාට උරුම වෙලා තියෙන දෙයක්.මොකද්ද මේකට හේතුව වෙලා තියෙන්නේ..ඇස් 2කෙන් අපි බලන්නේ සාමාන්‍යය දර්ශනයක්.ඇස් දෙකට පෙනෙන දර්ශනය විශාලයි.නමුත් ඉලක්කයක් ගන්න ඕන වුනාම අපිට ඒ පෙනෙන ප්‍රමාණය කුඩා කරගන්න ඕන වෙනවා.
ඉතින් එක් ඇසක් වසා ගැනීමෙන් ඒ පෙනෙන දර්ශනයේ ප්‍රමාණය කුඩා කර ගනිමින් තුවක්කුවේ කෙළවර ඇති තුඩ නියමිත පරිදි ස්ථානගත කිරීම කරන්න පුලුවන්.මේ කතාව තිබුනේ සගරාවක..අපි වැඩිය හිතපු නැති දෙයක්..ඇස් දෙකෙන්ම ඉලක්කයක් දිහා බලන්නේ නැතුව එක් ඇසක් මගින් ඉලක්කය කරා සිත යොමු කරලා ක්‍රියා කරා නම් අපිට ජීවිතය  තුළ තිබෙන ඉලක්ක ජය ගන්න අපහසු නෑ..ඇසින් දකින,කණට ඇහෙන,හැම දේම ගැන අපි හිත යොමු කරනවාට වඩා අදාළ වැදගත් දෙයක් ගැන කටයුතු කරොත් ජ්වීතයේ ඉලක්ක ජය ගනීම එච්චරම අමාරු නෑ කියලයි මම නම් හිතන්නේ....
වැඩිය දිගට ලියන්නත් බෑනේ...ඇයි විනාඩි 15 න් 15ට update කරන්නත් එපාය..මම තාම රෑට කාලත් නැතුව තමා බ්ලොග් මැරතන් එක දුවන්න ආවේ..කන්නත් ඕන..මගdi කලන්තයක් වත් ඇල්ලුවොත්..පස්සෙන් වැටෙන කට්ටිය දාගන්න ලොරියක් වත් එන්නේ නැද්ද දන්නේ නෑ....

2010 ලෝක චෙස් ශූරතාවය

2010 ලෝක චෙස් ශූරතාවය අද දින පැවත්වීමට නියමිතයි.සුපිරි මහදුරු වරුන් වන විශ්වනාදන් ආනන්ද් සහ වෙස්ලින් ටොපලොව් අතර බල්ගේරියාවේදි ඇරඹීමට නියමිතයි.15.00 UTC වේලාවෙන් මෙම තරගාවලිය ඇරඹෙන අතර එය ඔබට මෙම නිල වෙබ් අඩවියෙන් නැරඹීමේ හැකියාවක් තිබෙනවා..යූරෝ මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් මේ සදහා පිරිනැමෙනවා.වට 12 ක් පුරාවට පැවත්වෙන මෙම තර්ගාවලිය වසරේ තරගකාරීත්වයෙන් අනූන තරගාවලියක් බවට පත්වනු බවට නිසැකයි.
ඉතින් කවුරු මෙවර chess ලෝක ශූරයා බවට කවුරු පත් වෙයිද...එය කාලය තීරණය කරාවී....එක්වන්න ඔබත් තර්ගකාරීත්වයෙන් සපිරි වසරේ දැවන්තම බුද්ධිමය ක්‍රීඩාව සමග...


සැරසේන්, එළවේන් යා... --->>>>

සැරසේන්, එළවේන් යා...ඕන්න ඉතින් 2010 බ්ලොග් මැරතන් එක පටන් ගත්තා...ඕන්න හා පුරා කියලා මාත් දුවන්න පටන්ගත්තා.මම මේ පළවෙනි වතාවට තමා බ්ලොග් මැරතන් එකක් දුවන්නේ.ඉස්කෝලේ යන කාලේ පාර දිගේ  මැරතන් දිව්වට මේ වගේ කොම්පුටර් එකක් ඉස්සරහ ඉදගෙන බ්ලොග් මැරතන් එකක් දුවන්නේ පලවෙනි වතාවට.රෑ 8 ඉදන් උදේ 8 වෙනකන් දුවන්න එපාය..පැය 12ක්.බුදු අම්මේ.කමක් නෑ..කොහොම හරි දුවනවා..යන්තම් විභාග කෙළි ටික ඉවර වෙලා මේ සතියේ පොඩි නිවාඩුවක් හම්බවුන හින්දා යන්තම් මේ මැරතන් එකට සෙට් වෙන්න පුලුවන් වුනා.
ඉතින් කට්ටිය මට උදව්වට එන්න ඕනේ..හොදේ..වතුර ගහන්න,මම පස්සේ පොඩ්ඩක් දුවන්න එන්න..නැත්නම් කොහොමද හත් දෙයියනේ පැය 12 ක් දුවන්නේ...හරි ඉතින් අයුබෝවේවා ආවඩා කියලා දුවන ගමන් තමා මම ඉන්නේ...එහෙනම් ඉතින් සාරථක අවසානයකට සියලු බ්ලොග් මැරතන් කරුවනට මම සුභ පතනවා...සුභම සුභ ජයග්‍රාහී බ්ලොග් මැරතන් තරගයක් වේවා...!!!!

Thursday, April 8, 2010

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව


අලුත් අවුරුද්දේ අලුත් වැඩකට අත ගහන්න තමා මම යන්නේ...සිංහල බ්ලොග් මිනී මැරතන් තරගය් මේ සැරේ පැවත්වෙනවා.හාපුරා කියලා එකට ඉතින් සහභාගී වෙන්න තමා ඉන්නේ.මැරතන් දුවන එක ලේසී නෑනේ..කොහොමත් මේක රසවත් අතදැකීමක් වේවී...කැමැති අය ඉන්නවනම් එකතු වෙන්න..දුවන්න හරි දුවන අයට වතුර ගහන්න හරි...ඕන එකක්...
2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව







2010 අප්‍රේල් 24 සෙනසුරාදා
අපර භාග 8 සිට
2010 අප්‍රේල් 25 ඉරිදා
පූර්ව භාග 8 දක්වා

පුරා පැය 12ක්